ව්‍යාජ රන් භාණ්ඩ අළෙවි කළ සැකකාරියන් සිව් දෙනෙකු සහ සැකකරුවෙකු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මීගමුව පොලිස් ස්ථානයට වාර්තා වී තිබූ ව්‍යාජ රන් භාණ්ඩ අලෙවි කිරීම හා නිෂ්පාදනය කිරීමේ සිද්ධියකට අදාළවයි.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකාරියන් කොළොන්නාව සහ මීගමුව ප්‍රදේශවල පදිංචිකාරිණියන් බවයි පොලීසිය පැවසුවේ.

සැකකරු හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.