වංචනික ලෙස තමන්ටද ව්‍යාජ රියදුරු බලපත්‍රයක් සකසා ගෙන තවත් පුද්ගලයින් හත් දෙනෙකුටද ව්‍යාජ රියදුරු බලපත්‍ර 7 ක් සකසා දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් චෝදනා 8 ක් ලබා සිටි සිවිල් ආරක්ෂක බලකායේ සෙබෙළෙකු එකී සියළු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කර මුදා හරින ලෙස ගල්ගමුව මහේස්ත්‍රාත් රවින්ද්‍ර රංජන් බණ්ඩාර මහතා නියෝග කර තිබෙනවා.

ගල්ගමුව මහේස්ත්‍රාත්වරයා ස්වකීය තීන්දුව මගින් පැවසුවේ සැකකරුට එරෙහිව එල්ල කර ඇති චෝදනා 8 ම සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණි්ල්ල වෙනුවෙන් පෙනී සිටි මීගලෑව පොලිසිය අසමත්ව ඇති බවයි.

ඒ අනුව සැකකරුට එල්ල කර ඇති සියළු චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කර මුදා හැරීමට නියෝග කරන බවයි මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත්තේ.

මෙලෙස නිදොස් කොට නිදහස් කර ඇත්තේ මීගලෑව හුරීගස්වැව ප්‍රදේශයේ පදිංචි සිවිල් ආරක්ෂක බලකායේ සෙබළෙක්.