Published
වාහන ආනයනයෙන් රජය අපේක්ෂා කළාට වඩා වැඩි ආදායමක් ලැබී ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පවසනවා.
වාහන ආනයනයෙන් රජය අපේක්ෂා කළ මුදල රුපියල් බිලියන 441ක්. එහෙත් මේ වන විට වාහන ආනයනයෙන් රජයට ලැබී ඇති මුදල රුපියල් බිලියන 904ක්.
කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පෙන්වා දුන්නේ වාහන ආනයනයේදී පනවා ඇති සියයට 3ක බද්ද හේතුවෙන් ගැටලු රැසක් මතු වී ඇති බවයි.
මේ අතර කොළඹ හෝටලයකදී සිදු වූ පහරදීමක් සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වී චානක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.
මේ අතර පාර්ලිමේන්තුව අදත් රැස්වීමට නියමිතයි.




