Published
වාහන සේවා කිරීමේ මධ්‍යස්ථානයකින් ඉවතලන දැවි තෙල් පරිසරයට හානි කර ලෙස කානුවකට මුදා හැරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කල වාහන සේවා කරන මධ්‍යස්ථානයක හිමිකරුවෙකු එකී චෝදනාවට වරද පිළිගත් පසුව ඔහුට මුදලින් රුපියල් විසි පන් දහසක දඩයක් අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් සදුනි හපුආරච්චි මෙනවිය නියම කර තිබෙනවා.
මෙසේ දඩ නියම වූයේ අනුරාධපුර ඩී එස් සේනානායක මාවත අංක 562/06/ ඒ 3 ලිපිනයේ ටුවරිස්ට් ඔටෝ පුද්ගලික ගමාගමේ අයිතිකරු වන නිහාල් අබේසේකර නැමැත්තාටයි .
අනුරාධපුර නාගරික කොමසාරිස් රෝයි නිශාන්ත මහතාගේ උපදෙස් මත අනුරාධපුර මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ මහජන සෞඛ්‍ය පරික්ෂක නුවන් ඩී කුලතුංග මහතාගේ මෙහෙයවීම මත මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වන එන් පී කුරුනේරු සහ එස් එස් පොන්සුගේ යන මහත්වරුන් මෙම වැටලීම සිදු කර තිබෙනවා.


