එළැඹෙන ජූලි මස ක්‍රියාත්මක වීමට නියමිත ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය මත නැවත වරක් බස් ගාස්තු සංශෝධනය විය හැකිද යන්න කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී කරුණු දැක්වීමක් සිදුකළා.

ඒ, කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්.

ගෑස් සම්බන්ධයෙන් අර්බුදයක් මතු නොවන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඔහු කියා සිටියේ මේ වන විටත් ඉදිරි මාස වලට අදාල ගෑස් සැපයීම සම්බන්ධයෙන් අදාල සමාගම් එකඟ වී ඇති බවයි.

මේ අතර රුසියාවෙන් හෝ ඉරානයෙන් ඉන්ධන ලබා ගැනීමට ඇති සූදානම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පල වුණා.