වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් බුදුරුවාගල ප්‍රදේශයේ දී යතුරුපැදියක් ත්‍රීරෝද රථයක පසුපස ගැටීමෙන් අනතුරක් සිදු වී තිබේ.

එම අනතුරින් යතුරු පැදියේ ගමන් කරමින් තරුණයා ජීවිතක්ෂයට පත් වී ඇති අතර මෙසේ මියගොස් ඇත්තේ වෙහෙරයාය ඇතිලිවැව ලිපිනයේ පදිංචි නදුන් තීක්ෂ්ණ හේරත් නැමැති විසිතුන් හැවිරිදි තරුණයෙකු බව වැල්ලවාය පොලිසීය පැවසීය.

අනතුර සම්බධයෙන් ත්‍රීරෝද රථයේ රියදුරු වැල්ලවාය පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.