Published
පුත්තලම - අනුරාධපුරය මාර්ගයේ 9 කණුව ප්රදේශයේ ඉදිකර ඇති නව පාලම මතදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
වෑන් රථයක් සහ අධි සුඛෝපභෝගී බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
අනතුරෙන් තුවාල ලැබූවන් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඔවුන් නොච්චියාගම ප්රදේශයේ පදිංචිකරුවන් වනවා.
උපාධි ප්රදානෝත්සවයක් සදහා කොළඹ පැමිණි පිරිසක් යළි ගමන් කරමින් සිටි වෑන් රථයක් සහ වව්නියාවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ අධි සුඛෝපභෝගී බස් රථයක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි කරුවලගස්වැව පොලීසිය පැවසුවේ.





