Published
ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙම වසරේ පළමු කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාවලියක් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබෙනවා.
එම යෝජනාවට අනුව ලබන වසරේ මුල් මාස තුන ඇතුළත සමස්ත විදුලි ගාස්තුව සියයට 11.57 ප්‍රතිශතයකින් ඉහළ නැංවිය යුතු බවටයි විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇත්තේ.
2026 පළමු කාර්තුව සඳහා අපේක්ෂිත පිරිවැය රුපියල් මිලියන 137,016ක් වන අතර, පවතින ගාස්තු යටතේ ලැබෙන ආදායම රුපියල් මිලියන 113,161ක්.
ඒ අනුව රුපියල් මිලියන 13,094ක ආදායම් හිඟයක් පවතින බැවින් මෙම ගාස්තු වැඩිකිරීම අත්‍යවශ්‍ය බවටයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර ඇත්තේ.


