විදුලි ගාස්තු ඉහළ දැමීම ඇගලුම් කර්මාන්තයට ද දැඩිව බලපාන බව එක්සත් ව්‍යවසායක සංසදය පවසනවා.
ඒ අනුව විදුලි බිල සඳහා රුපියල් ලක්ෂ දෙකක පමණ අමතර වැය බරක් දැරීමට සිය කර්මාන්තකරුවන්ට සිදුවන බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංසදයේ සභාපති ටානියා එම් අබේසුන්දර මහත්මිය පැවසුවේ.
අද සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තුව සමස්තයක් ලෙස සියයට 15කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම ඊයේ තීරණය කළා.
ඒ අනුව කුඩා පරිභෝජන කාණ්ඩ වන ඒකක 90ට වඩා අඩු ආගමික ස්ථානවලට මෙවර විදුලි ගාස්තු සංශෝධනයෙන් කිසිදු වෙනසක් සිදු වන්නේ නැහැ.
කෙසේවෙතත් ඒකක 30ට වඩා අඩු ගෘහස්ත අංශයේ කාණ්ඩවලට සියයට 8ක වැඩිවීමක් සිදු වුණා.
ඒකක 30 – 60 කාණ්ඩය මෙතෙක් පැවති ඒකකය මිල රුපියල් 02කින් ඉහළ ගොස් ඇති අතර ඒකක 61 – 90 සමස්ත බිල්පත් වැඩිවීම රුපියල් 240කට සීමා වනවා.
ඒකක 91 – 120 දක්වා සමස්ත බිල්පත් වැඩිවීම රුපියල් 360ක් වන අතර ඒකක 121 – 180 සමස්ත බිල්පත් වැඩිවීම රුපියල් 840කට සීමා වන ඇති.
ඒකක 180ට වැඩි කාණ්ඩයක සමස්ත බිල්පත් වැඩිවීම රුපියල් 2,020කට සීමා වනවා.