අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීම සදහා පාරිභෝගිකයින්ගේ දායකත්වයද අත්‍යවශ්‍ය වී ඇතැයි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර බන්ඩාර මහතා පවසනවා.

ඔහු කියා සිටියේ ජනතාවගේ සහය ලැබෙන්නේ නම් පවතින විදුලි අවශ්‍යතාව කළමනාකරණය කිරීමට තවත් පහසු වනු ඇති බවයි.

අර්බුදයක් ඇති මේ මොහොත් පාරිභෝගිකයින් විදුලි පරිභෝජනයේදී සැලකිලිමත් විය යුතු කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර බන්ඩාර මහතා මෙලෙස අදහස් පල කලා.

දෛනික විදුලි පරිභෝජනයේ වෙනස්කම් සිදුකල හැකි අයුරු සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පල කෙරුණා.