විදුලි ගාස්තු සංශෝධනයක් කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය විසින් පසුගියදා මහජන උපයෝගීතා කොමිසම් සභාව වෙත ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් සලකා බලන බව මහජන උපයෝගීතා කොමිසම් සභාව පවසනවා.

එහි ජ්‍යෙඨෂ් නියෝජිතයකු නෙත් නිවුස් වෙත කියාසිටියේ අදාළ විදුලි ගාස්තු සංශෝධනය කිරිම සම්න්ධයෙන් ගණු ලබන ඉදිරි ක්‍රියාමාර්ග ගැන මෙම සතිය තුළදී මහජනතාව දැනුවත් කරන බවයි.

මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තුව සියට 13යි දශම 5යි 6 කින් ඉහළ නංවන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය විසින් අදාළ යෝජනාව මගින් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

අප්‍රේල් මස පළමු වනදා සිට ජුනි මස 30 වනදා දක්වා වන කාලය සඳහා මෙම විදුලි ගාස්තු සංශෝධනය ඉල්ලා තිබෙනවා.