කුච්චවේලි සහ රස්නායකපුර ප්‍රදේශ දෙකක 16 හැවිරිදි ළමයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු විදුලි සැර වැදීම හේතුවෙන් මියගොස් තිබෙනවා.

ඊයේ (10) උදෑසන කාලයේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසන්නේ.

එලෙස මියගොස් ඇත්තේ, කුච්චවේලි ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි පිරිමි ළමයෙක් සහ රස්නායකපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි පුද්ගලයෙකි.

අසල ඉඩමක අනවසරෙන් අදින ලද විදුලි රැහැනකට හසුවූ තම එළුවෙකු බේරීමට ගිය අවස්ථාවේ ළමයාටද විදුලි සැර වැදී මෙම අනතුර සිදුව ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

වගාව වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මරණකරු විසින්ම අදින ලද අනවසර විදුලි රැහැනක ගැටී මෙසේ විදුලි සැර වැදී ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් රස්නායකපුර පොලීසිය සහ කුච්චවේලි පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.