ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කර පිහිටුවන ලද ප්‍රධාන සමාගම් 04හි අධ්‍යක්ෂක මණ්ඩල සමග වෘත්තීය සමිති පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව මවුන්ගේ ඉල්ලීම් 64න් ඉල්ලීම් 62ක් ලබාදීමට අධ්‍යක්ෂක මණ්ඩල එකඟ වී ඇති බව එම සමාගම් පවසනවා.

එම සමාගම්වල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් කොළඹදී අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කෙරුණේ විදුලි වෘත්තීය සමිතිවල ඉතිරි ඉල්ලීම් සම්බන්ධයෙන් දින දෙකක් ඇතුලත ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබාදීමටද දෙපාර්ශවය අතර ඊයේ පැවත් සාකච්ඡාවේදී එකඟ වූ බවයි.

අද පැවති මාධ්‍ය හමුවේදී ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ NTNSP සමාගමේ සභාපති වරලත් ගණකාධිකාරී නුසිත් කුමාරතුංග මහතා.

විදුලිබල සැපයුමට අදාළ සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති බැවින් සැපයුම් සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන්නැයි විදුලි සේවකයින්ට ලිඛිතව දැනුම්දීමක් කර ඇති බවද භඔභීඡ සමාගමේ සභාපතිවරයා එහිදී කියා සිටියා.

මේ අතර විදුලි සේවක වර්ජනය හේතුවෙන් විවිධ ප්‍රදේශවල සිදුව ඇති විදුලි බිදවැටීම් රැසක් මෙතෙක් යථාතත්වයට පත්කර නොමැති බවයි වාර්තා වුණේ.