මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් විවිධ රටවල ගුවන් තොටුපලවල දැනට සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇතැයි වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අරුණ කරුණාතිලක මහතා පවසනවා.

අමාත්‍යවරයා පැවසුවේ ඇතැම් ශ්‍රී ලාංකිකයින් තවදුරටත් විවිධ රටවල ගුවන් තොටුපලවල සිරවී සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි.

මැදපෙරදිග මතුව ඇති යුද ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට හා ශ්‍රී ලංකාවෙන් පිටව යාමට තිබූ ගුවන් වාර 205ක් මේ වන විට සම්පූර්ණයෙන් අවලංගු වී තිබෙනවා.