විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි , විදේශීය ගුවන් මගියෙකු අද අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්.

සැකකාර විදේශිකයා රැගෙන ගමන් මලු තුළ තිබී , චීනයේ නිෂ්පාදිත විවිධ වර්ගයේ දුම්වැටි 33,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 165 ක් සොයාගෙන තිබෙනවා.

ඒවාහි වටිනාකම රුපියල් හතලිස් නව ලක්ෂ පනස් දහසක් පමණ වන බවයි පැවසෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු රියදුරෙකු ලෙස සේවය කරන මැලේසියානු ජාතිකයෙක් වනවා.

ඔහු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.