විභාග දෙපාර්තමේන්තුව විසින් 2024 වසරට අදාලව මෙම වසරේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ බවට සාවද්‍ය පුවතක් සංසරණය වෙමින් පවතින බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග දෙපාර්මේන්තුව මගින් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්වත් කරමින් සඳහන් කළේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිදු නොවූ බවයි.

මේ වන විට සමාජ මාධ්‍ය ජාල හරහා එලෙස සංසරණය වන පුවත සාවද්‍ය පුවතක් බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.