පවතින වියළි කාලගුණය ඉදිරියටත් පැවතුනහොත් ජලය බෙදාහැරීම සීමා කිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනතුරු අඟවනවා.

එබැවින් හැකි සෑම අවස්ථාවකදීම ජලය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එහි සභාපති චන්දන බණ්ඩාර මහතා පැවසුවේ වියළි කාලගුණයත් සමඟ ජල පරිභෝජනය ඉහළ ගොස් ඇති බවයි.

විශේෂයෙන් බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ ජල පිරිපහදු මධ්‍යස්ථානවලින් හැකියාව ඇත්තේ යම් සීමාසහිත මට්ටමකට ජලය සැපයීමට බවයි සභාපතිවරයා පැවසුවේ.

කෙසේ වෙතත් මේ වන විටත් උපරිම ධාරිතාවෙන් ජල නිෂ්පාදනය කරන බවත් බෙදාහැරීම් කරන බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා සදහන් කළා.

මේ අතර සෑම ගඟකටම මෝයකට ඔස්සේ ලවන ජලය මිශ්‍රවීම ඉහළ ගොස් ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.

වැලිගොඩ දැමීම් වැනි මිනිස් ක්‍රියාකාරකම් ඊට හේතු වී තිබෙනවා.