මහියංගණය 17 කණුව ප්‍රදේශයේ දී වියානා ඇළෙහි දිය නාමින් සිටි පෙම්වතුන් දෙපල ඇළ කණ්ඩිය මතින් ලිස්සා වතුරට වැටුණු පෙම්වතාව බේරාගැනීමට ගිය පෙම්වතිය දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා

මෙම සිද්ධියෙන් අතුරුදන්ව ඇත්තේ රජ රට විශ්වවිද්‍යාලයේ සිසුවියක කුඩාගම්මන,වැලිගත්ත පදිංචි 26 හැවිරිදි තරුණියක් බවයි මහියංගනය පොලිසිය සඳහන් කර සිටියේ.

ඇය කොළඹදි පැවැති උපාධි ප්‍රධානෝතසවයකට සහබාගිවී සිට නිවස බලා තම පෙම්වතා සමග මෝටර් රථයකින් මහියංගණය හරහා ගමන් කරමින් ගමන්කර ඇති අතර පස්වරු 5 ට පමණ 17 කණුව වියානි ඇල අසල මෝටර් රථය නතරකර දිය නෑමට ගොස් තිබෙනවා.

පසුව ඇළ කණ්ඩිය මතින් ගමන් කිරීමේදී ලිස්සා වතුරට වැටුණු පෙම්වතාව දියේ ගසාගෙන ගොස් ඇති අතර ඇය බේරගැනීමට යාමේදී පෙම්වතියද දියට වැටී ඇති බවයි සිදු කළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

එම ස්ථානයෙන් ගමන් කළ පොලිස් නිලධාරියෙක් වහා ඉදිරිපත්වී තරුණයා දියෙන් ගොඩගත් නමුත් දියට වැටුන තරුණිය අතුරුදන්ව ඇත

අතුරුදන් තරුණිය සොයා බදුල්ල පොලිසිය සහ මහියංගණය පොලිසිය ප්‍රදේශවාසින් සමග එක්ව මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.