Published
කිරිඳිවැල, නාරංගස්පිටිය, ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
නිට්ටඹුව රණ්පොකුණුගම ප්‍රදේශයේදී එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 47ක් වූ සැකකරුවෙක්.
ඔහු සන්තකයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත පෑනක හැඩයෙන් යුත් කුඩා ගිනි අවියක් එයට යොදන පතරොම් 05 ක්, ටී-56 පතරොම් 04 ක්, මිලිමීටර් 09 වර්ගයේ පතරොම් 08 ක් හා බෝර 12 වර්ගයේ පතරොම් 02 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
2018 සැප්තැම්බර් 9 වනදා අදාළ පැහැර ගැනීම සිදුව ඇති බවයි පොලීසිය පැවසුවෙ.




