විශ්වවිද්‍යාල ආචාර්යවරු හෙට දිනයේ එක් දින වැඩවර්ජනයක නිරතවීමට තීරණය කළ බව විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය පවසනවා.

එම සම්මේලනය පැවසුවේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ ඇති බරපතළ අර්බුද සම්බන්ධයෙන් සිය සංගමය පසුගිය සතිය පුරා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළැඹුන බවයි.

රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරු හිඟය මෙන්ම සුදුසු ආචාර්යවරු නොමැති වීම බරපතළ ගැටලුවක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම පවතින තවත් ගැටළු කිහිපයක් මුල් කරගනිමින් හෙට වර්ජනයේ නිරත වන බව විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය වැඩිදුරටත් පැවසුවා.