ජනාධිපති අනුර දිසානායක මහතා සමග අද සිදු කරන සාකච්ඡාවේදී සිය ගැටලුවලට සාධාරණ පිළිතුරක් අපේක්ෂා කරන බව ලංකා පාසල් සංවර්ධන නිලධාරින්ගේ සංගමය පවසනවා.

ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගන්නා ලෙසට බල කරමින් තමන් ආරම්භ කළ මාරාන්තික උපවාසය 09 වන දිනටත් අද අඛණ්ඩ ක්‍රියාත්මක බව ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ලේකම් විරාජ් මනරංග මහතා පැවසුවේ.

යම් හෙයකින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග අද දිනයේ සිදු කරන සාකච්ඡා අසාර්ථක වුවහොත් ගන්නා ක්‍රියා මාර්ග සම්බන්ධයෙන්ද ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ලේකම් විරාජ් මනරංග මහතා කරුණු පැහැදිලි කළා.