Published
මැදපෙරදිග කලාපයේ පවතින යුධ ගැටුම් හේතුවෙන් මෙරට ජනතාවට ලබා දෙන කිසිදු දීමනාවක් කප්පාදු නොකරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඔහු කියා සිටියේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් අඩු කිරීම සම්බන්ධයෙන් ද කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
ඇතැම් රටවල් සිදුකරන පරිදි කිසිදු ආයතනයක් වසා දමා හෝ නවතා දමා හෝ කටයුතු කරගෙන යාමට රජය අපේක්ෂා නොකරන බවද අමාත්‍යවරයා පැවසුවා.
මේ අතර, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන සැපයුම අඩාල වීම සහ මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ඉන්ධන පරිභෝජනය අඩු කිරීමේ අරමුණින් හැකි සෑම විටම නිවසේ සිට රාජකාරි කරන ලෙස වියට්නාම රජය එරට සියළු පාර්ශව වෙත දන්වා තිබෙනවා.
එමෙන්ම ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවා සපයන නිලධාරීන් හැර සෙසු පිරිස නිවසේ සිට වැඩ කළ යුතු බවටයි තායිලන්ත රජය ද එරට ජනතාවට දැනුම් දී තිබුණේ.




