වේයන්ගොඩ පත්තලගෙදර ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නකට හසුවූ කාන්තාවක් ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

නිවසේදී බරපතල තුවාල ලැබූ එම කාන්තාව වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජිවිතක්‍ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ 73 හැවිරිදි වියේ පසු වූ කාන්තාවක්.

ගින්න හටගත් අවස්ථාවේ ඇය පමණක් එම නිවසේ තනිව වාසය කර තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර වේයන්ගොඩ පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.