බොරලැස්ගමුව, වේරහැර ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමග ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් තොරතුරු රැසක් වාර්තා වනවා.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ටාසය සිදුකල වැටලීමකදි සැකකරු සතුව තිබී හොරොයින් කිලෝ එකයි ග්‍රෑම් 80ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 05යි ග්‍රෑම් 24ක් සොයා ගෙන තිබුණා.

ඔහු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් වන මාලිගාවත්තේ චමිලගේ සහ ගගනගේ ප්‍රධානතම සමීපතමයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

සැකකරු රාත්‍රී සමාජ ශාලාවක ආරක්ෂක නිලධාරියකු ලෙසද කටයුතු කර තිබෙනවා.

පසුගියදා හෝමාගම ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 10ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ මොහු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.