සිය වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ, අද (5) පෙරවරුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගත් තීරණයකට අනුවයි.

එම සංගමයේ නියෝජිතයන්ට සාකච්ඡාවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එකඟතාව පළ කර තිබුණා.

ඒ අනුව ලබන බ්‍රහස්පතින්දා එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.

එය සැලකිල්ලට ගනිමින් සිය වර්ජනය අද පෙරවරු අටේ සිට තාවකාලිකව අත්හිටුවන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ.