Published
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ සංකේත වැඩවර්ජනය හේතුවෙන් අදත් රෝගීන් පීඩාවට පත්ව සිටිනවා.
වෛද්‍යවරුන් සිය වැඩවර්ජනය ආරම්භ කළේ උදෑසන අටටයි.
ඒ අනුව හෙට උදෑසන අට දක්වා වර්ජනය ක්‍රියාත්මකයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති අනීතික ස්ථානමාරු ක්‍රමවේදයට විරෝධය පළ කරමින් වෛද්‍යවරුන් මෙලෙස නැවත වැඩවර්ජනයේ නිරත වනවා.
එම සිද්ධිය මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය මාර්තු 31 වනදා පෙරවරු අටේ සිට පැය 24 ක කාලයක් සංකේත වැඩවර්ජනයකද නිරත වුණා.




