Published
මහර ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුගේ නිවසක් බිද මුදල් සොරකම් කිරීමට තැත් කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
රාත්‍රි කාලයේ අදාළ සැකකරු නිවසට ඇතුළු වී ඇත්තේ ජනේලයක් බිද ප්‍රධාන දොර විවෘත කිරීමෙන් බවයි පොලීසිය පවසන්නේ.
මුදල් සොයා නිවසේ බොහෝ ස්ථාන ඔහු පරීක්ෂා කර තිබෙනවා.
මුදල් සොයා ගැනීමට නොහැකි වූ ඔහු හිස් අතින්ම නිවසින් පිටව ගොස් ඇති බව පොලීසිය පැවසුවා.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ වෛද්‍යවරයාගේ නිවස ආසන්නයේ පදිංචි අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ පුද්ගලයෙකු පිළිබද පොලීසියේ අවධානය යොමුව තිබෙනවා.




