ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

අද පස්වරුවේ පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු රැස්වීමකදී ඔහු මෙම තීරණය ප්‍රකාශයට පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවද ඉල්ලා අස්වීමට එහිදී තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

එම තීරණය හෙට දිනයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටද නියමිත බව වාර්තා වනවා.

ශම්මි සිල්වා මහතා 2019 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට මුල්වරට තේරී පත් වූ අතර ඔහු එතැන් සිට මේ දක්වා වසර 7ක කාලයක් එම ධුරයේ කටයුතු කළා.