කොළඹ වරාය ආසන්නයේ තිබූ ඉරාන නෞකාවේ සිටින පුද්ගලයින් 200 දෙනෙකු ගොඩබිමට රැගෙන ඒමේ කටයුතු නාවික හමුදාව විසින් ආරම්භ කර ඇතැයි වාර්තා වනවා.

ඒ, අද පැවති ආරක්ෂක මණ්ඩලයේදී ගනු ලැබූ තීරණයකට අනුවයි.

ඒ අනුව එම නෞකාව නවතා ඇති ස්ථානය වෙත ටග් යාත්‍රාවක් යොදවා එම පිරිස කොළඹ වරායට රැගෙන ඒමට නියමිත බවයි ආරක්ෂක අංශ අනාවරණය කලේ.

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේද මැදිහත් වීමෙන් එම කටයුතු සිදු කෙරෙන අතර කොළඹ වරායට රැගෙන ඒමෙන් පසු නෞකාවේ සිටින පිරිස කොළඹ වරාය පොලීසියට භාර දීමට නියමිතව තිබෙනවා.

අදාල නෞකාව තුල 250දෙනෙකු රැදී සිටි අතර ඒ අතරින් 50 දෙනෙකු නෞකාවේ කටයුතු සදහා ඒ තුළම රැදවීමටයි තීරණය කර ඇත්තේ.