Published
මැදපෙරදිග යුදමය තත්වය හමුවේ ශ්‍රී ලංකාව පක්‍ෂග්‍රාහි නොවිය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා.
ඒ අනුව මානූෂීයත්වයට මුල්තැන දෙමින් රජය කටයුතු කළයුතු බවයි කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ.
එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ද මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.




