ශ්‍රී ලංකාව සමග අද පැවති පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය කඩුළු 7කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුළු 9 ක් දැවී ලකුණු 147 යි.

නායක කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක එක්ව ලකුණු 43 ක වේගවත් ආරම්භයක් ලබාදුන්නත් සෙසු පිතිකරුවන් බොහෝ දෙනෙකු අඩු ලකුණු ගණනකට දැවී යාම නිසා මුලදී අපේක්‍ෂා කළ තරම් වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස්කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූයේ නැහැ.

කමිදු මෙන්ඩිස් පන්දු 39කදී ලකුණු 51ක් ලබාගත්තා.

කුසල් මෙන්ඩිස් පන්දු 23කදී ලකුණු 36යි.

මීට අමතරව දසුන් ශානක ලකුණු 22ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු දෙකකදී කඩුළු 3 ක් පමණක් දැවී ලකුණු 149 ක් ලබාගත්තා.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ෂයි හෝප් පන්දු 54කදී ලකුණු 65 යි.

බ්‍රෙන්ඩන් කිං පන්දු 22 කදී ලකුණු 37ක් ලබාගත්තා.

තරගය පැවැත්වුණේ කිංස්ටන්හි සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේදියි.