2026 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරඟය අද පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
සුපිරි 8 දෙනාගේ වටයේ දෙවන තරඟය ලෙසයි අද පස්වරු 3.00 ට එංගලන්ත කණ්ඩායම සමග මෙම තරගය ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ.
මිට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම තරඟ 17 ක් ක්‍රීඩා කර තිබෙන අතර, ඉන් තරග 13 ක් එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර ඇති තරග සංඛ්‍යාව 04 ක් ශ්‍රී ලංකාවේදී කණ්ඩායම් දෙක අවස්ථා 5 කදී ක්‍රීඩා කර තිබෙන අතර ඉන් තරඟ 4 ක ජය එංගලන්තයටත් එක් තරගයක ජය ශ්‍රී ලංකාවටත් හිමිව තිබෙනවා.
මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසක පවතිව වැසි තත්තවයත් සමග අද පස්වරුවේ ආරම්භවිමට තියමිත ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත තරගයට වැසි තත්ත්වයෙන් බලපෑම් ඇති විය හැකිද ? මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා.




