ක්‍රිකට්වලට කැමති කාටත් 2026 වසර විශේෂයි.

ඒ, පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය තවත් මාසයකින් ආරම්භ වීම හේතුවෙන්.

ඊට පෙරහුරුවක් ලෙස ශ්‍රී ලංකාව අද දඹුල්ලේදී පකිස්ථානය සමග පිටියට පිවිසීමට නියමිතයි.

දෙරට අතර තරඟාවලියට පන්දුවාර විස්සයි විස්ස තරඟ තුනක් ඇතුළත්.

පළමු තරඟය අද රාත්‍රී 07ට පැවැත්වෙනවා.