සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු වේලවකට පෙර සියලු දෙනා දැවී ලකුණු 458ක් රැස්කිරීමට සමත් විය.

බංග්ලාදේශය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 247ක් ලබා ගෙන තිබුනා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන්ට බංග්ලාදේශය පළමු ඉනිමට වඩා ලකුණු 211ක් ඉදිරියෙන් සිටිමින් ඉනිම අවසන් කිරීමට හැකිවිය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ කුසල් මෙන්ඩිස් ලකුණු 84ක් රැස්කිරීමට සමත් වූ අතර, ඔහු ඉනිමේ 9වන කඩුල්ල ලෙස දැවී ගියේය

බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක ලකුණු 150 සීමාව පසුකිරීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමේ හතරේ පහර 18ක්ද ඇතුළත් විය