Published
සිය ප්රතිපත්ති පොලී අනුපාතය සියයට 7යි දශම 7යි5ක් ලෙස නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කළ බව ශ්රී ලංකා මහ බැංකුව පවසනවා.
එම තීරණයට එළඹ ඇත්තේ ඊයේ පැවති මහ බැංකු මුදල් මණ්ඩල රැස්වීමේදීයි.
ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කලේ දේශීය හා ගෝලීය ආර්ථික වර්ධනයන් සහ විශේෂයෙන් මැදපෙරදිග ගැටුමෙන් පැන නඟින අවිනිශ්චිතතාවයන් කෙරෙහි අවධානය යොමු කිරීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය විසින් මෙම තීරණයට එළඹ ඇති බවයි.
නවතම දත්ත සහ පවතින අවිනිශ්චිතතාවයන් සැලකිල්ලට ගෙන, මෙම වසරේ දෙවන කාර්තුවේදී උද්ධමනය කලින් අපේක්ෂා කළ ප්රමාණය ඉක්මවා ගොස් 5%ක ඉලක්කයට ළඟාවනු ඇතැයි අපේක්ෂා කරන බවද ශ්රී ලංකා මහ බැංකුව නිකුත් කල නිවේදනයක සඳහන්.



