ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම සදහා වන කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තින්දුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
ඒ අනුව කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බවයි.
ඒ අනුව එම වගන්ති සහිතව කෙටුම්පත ඒ ආකාරයෙන්ම සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් අවශ්‍ය බවද කෙසේවෙතත් ඇතැම් වගන්ති ඉවත් කරන්නේ නම් හෝ තවත් සමහර වගන්ති ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කර ඇති පරිදි සංශෝධනය කරන්නේ නම් කෙටුම්පත සම්මත කිරීමට විශේෂ බහුතරයක් අවශ්‍ය නොවන බවද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇතැයි මෙහිදි ප්‍රකාශ කෙරුණා.
විශේෂයෙන් සදහන් කර ඇති වගන්ති හැර සෙසු වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බවද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බවයි කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.




