සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

දෙරට අතර දෙවන එක්දින ක්‍රිකට් තරගයද පැවැත්වෙන්නේ කොළඹ ආර්ග ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදියි.

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ලකුණු 19කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.