Published
ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිවරයා ලෙස එරික් මේයර් මහතා නිල වශයෙන් දිවුරුම් දී තිබෙනවා.
වොෂිංටන්හි පිහිටි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී මෙම දිවුරුම් දීම සිදුකර ඇති බවයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ.
ඒ අනුව එරික් මේයර් මහතා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරයා ලෙස සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.




