මෙතෙක් ශ්‍රී ලංකාවට වැඩිම සංචාරයන් පැමිණි වසර වූ 2018 වසරේ පැමිණි සංචාරකයන් ප්‍රමාණය ඉක්මවා යමින් සංචාරකයන් (23,33,796) මෙරටට පැමිණ තිබෙනවා.

ඒ අනුව මෙම 2025 වසර ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි වසර බවට පත් වීමට නියමිතයි.

23,33,796 වෙනි සංචාරකයා ද අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි තිබුනා.

ඔහු පිළිගැනීම සදහා ගුවන් තොටුපොළ " සිල්ක් රූට් " මගී පර්යන්තයේ සංචාරක කටයුතු පිළිබද නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් ද පැවැත්වීය .

මෙසේ පැමිණි සංචාරකයා වූයේ දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පදිංචි , එරට විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු වූ ෆීලික්ස් බෙස්ලින් පෙරේරා මහතාය .

ඔහු සමග ඔහුගේ බිරිඳ වූ , විශ්‍රාමික පාසැල් ගුරුවරියක වූ රීනා ෆර්ඩිනැන්ඩස් මහත්මිය සහ ඔවුන්ගේ අවිවාහක දියනිය වූ , වෛද්‍ය ඈන් ක්‍රිස්ටිනා පෙරේරා මෙනවිය ද පැමිණ සිටියාය .

ඔවුන් අද දින උදෑසන 11.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 162 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ තිරුවනන්තපුරම් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .