සමගි ජන බලවේගයට බලය හිමි පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ කටයුතු ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

ඒ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින්.

එම ප්‍රාදේශීය සභාවේ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වන බැවින් එලෙස පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ කටයුතු අත්හිටවූ බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

කෙසේවෙතත් එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ බලතල ක්‍රියාත්මක කිරීමටත් කාර්යය ඉටු කිරීමටත් මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස් ඒ.ඩබ්ලිව්.ජී.එල්. අත්තනායක මහත්මිය පත්කර තිබෙනවා.