අත්අඩංගුවට ගත් සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ හිටපු ප්‍රවාහන කළමණාකරු වන ඉන්දික රත්නමලල මහතාජනවාරි 09 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා

ඒ අද දින අත්අඩංගුවට ගෙන වත්තල මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රාජ්‍ය දේපල අවභාවිතා කිරීමේ සිද්ධියකට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ගාල්ල ප්‍රදේශයේ හෝටලයක සැඟව සිටියදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු විසින් එම ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළවයි.

රාජ්‍ය දේපළ සාවද්‍ය පරිහරණයට ආධාර අනුබල දීමේ චෝදනාව මත ඉන්දික රත්නමලල මහතා එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.