ආණමඩුව - නවගත්තේගම මාර්ගයේ ධාවනය වූ වාහනවලටද බාධාවන අයුරින් අපරීක්‍ෂාකාරී ලෙස තරුණයෙකු විසින් යතුරු පැදියක් ධාවනය කළ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය අද අදහස් පල කලා.

රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මහතා එහිදී ප්‍රකාශ කළේ ආණමඩුව ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස යතුරුපැදි ධාවනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයා ලබන 24 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.

රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මහතා සදහන් කලේ බාලවයස්කරුවන්ට රථ වාහන ලබා දෙන පුද්ගලයින්ට එරෙහිවද පියවර ගන්නා බවයි.

ආණමඩුව - නවගත්තේගම මාර්ගයේ ධාවනය වූ වාහනවලටද බාධාවන අයුරින් අපරීක්‍ෂාකාරී ලෙස තරුණයා මනෝවෛද්‍යවරයෙක් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව ද පොලීසිය පැවසුවා.