තරුණයින් දෙපිරිසක් අතර පැවති ගැටුමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සංසරණය වූ වීඩියෝව සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

යතුරු පැදියක් සම්බන්ධ ආරවුලක් මුල් කර ගනිමින් මෙම ගැටුම හටගෙන ඇත්තේ මීට මාසයකට පෙර බවයි පොලීසිය පැවසුවේ.

අදාළ ගැටුමේ වීඩියෝවක් ඊයේ දිනයේ කිසියම් පුද්ගලයෙකු සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණා.

ඒ අනුව ගැටුමට අදාළ තරුණයෙකු ඔහුගේ මව සමග වැලිකඩ පොලිස් ස්ථානයට පැමිණ ඊයේ දිනයේ පැමිණිල්ලක් සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඒ අනුව විමර්ශන ඇරඹූ බවත් සිද්ධියට සම්බන්ධ තරුණයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලීසිය වැඩිදුරටත් පැවසුවා.