බණ්ඩාරවෙල, 3 කණුව ප්‍රදේශයේදී සරසවි සිසුවෙකු ඇතුළු දෙදෙනෙකු අනතුරට ලක්කර මෝටර් රථයෙන්
පලා ගිය සැකකාර බැංකු කළමණාකරු පොලීසිය වෙත භාර වී තිබෙනවා.
ඔහු නීතිඥවරයකු මාර්ගයෙන් බණ්ඩාරවෙල පොලීසිය වෙත භාරවූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
එම අනතුරෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ විරාජ් ප්‍රනාන්දු නැමැති 22 හැවිරිදි වියේ පසු වූ තරුණයෙකු ජීවිතක්ෂයට පත් වුණා.
ඔහු මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු සමග යතුරු පැදියේ ගමන් ගත් අනෙක් පුද්ගලයා දියතලාව මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
මිතුරන් පිරිසක් සමග දින හයක විනෝද චාරිකාවක නිරතව සිටි ඔවුන් ඇල්ල ප්‍රදේශයේ නවාතැන් පොලට යමින් සිටියදි මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.
පොලීසිය වෙත භාර වූ සැකකාර බැංකු කළමනාකරු හාලිඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.




