මන්නාරම සවුත්බාර් කලපුව ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද කජු මද සහ තංගූස් නූල් තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඒ, කලපුව ප්‍රදේශයේ තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් පරීක්ෂාවට ලක් කිරීමේදීයි.

එහිදී උර 40ක අසුරා තිබූ කජු මද කිලෝග්‍රෑම් 661ක පමණ තොගයක් සහ තංගූස් නූල් කිලෝග්‍රෑම් 742කට අධික තොගයක් සිය භාරයට ගත් බවයි නාවික හමුදාව පැවසුවේ.

අදාළ භාණ්ඩ තොගය සහ ඩිංගි යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරය රේගු නිවාරණ දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට නියමිතයි.