සිගමන් යදිමින් සහ භාණ්ඩ අළෙවි කරමින් අනාරක්‍ෂිත ලෙස ගැවසෙන ලද බාල වයස්කාර දරුවන් 21 දෙනෙකු පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා.

ඒ, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශය, ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානය හා ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි.

කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම, නුගේගොඩ, ගම්පහ. පානදුර, කැළණිය, මීගමුව, ගල්කිස්ස සහ කළුතර එලෙස විශේෂ මෙහෙයුම සිදුකළ පොලිස් කොට්ඨාස කිහිපයක් වනවා.

ඊට අමතරව ගාල්ල, මාතර, තංගල්ල, අනුරාධපුර, මහනුවර, කුරුණෑගල, හලාවත සහ රත්නපුර පොලිස් කොට්ඨාසවලද එම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි පොලීසිය පැවසුවේ.

ඒ අනුව එම පොලිස් කොට්ඨාසවල ජනාකීරණ ප්‍රදේශවල හා මහජනතාව ගැවසෙන වෙළදසැල් සාප්පු සංකීර්ණ, සංඥා පහන් ස්ථාපිත කර ඇති ස්ථාන අවරණ වන පරිදි එම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙනවා.

එහිදී සිය භාරයට ගත් බලවයස්කාර දරුවන් 21 දෙනා ඔවුන් සුදුසු භාරකාරත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.