බිංගිරිය, පඩිවෙල ප්‍රදේශයේදී සිය බිරිද ඝාතනය කළ ස්වාමි පුරුෂයදා හදිසියේ හටගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ සැකකරු විසින් තියුණු ආයුධයකින් පහරදි සිය බිරිද ඝාතනය කර තිබූ බවයි.

එලෙස ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 61 ක් වූ කාන්තාවක්.

එම අඹුසැමි යුවල අතර ඇති වූ පවුල් ආරවුලක් දුරදිගයාමෙන් අනතුරුව එම ඝාතනය සිදුකර ඇති බවටයි පොලිස් විමර්ශනවලදි අනාවරණ වී ඇත්තේ.

සිද්ධියට සම්බන්ධ වයස අවුරුදු 59 ක් වූ සැකකරු බිංගිරිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.

කෙසේවෙතත් හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් මත ඔහු බිංගිරිය රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.