අඹතලේ සිට දෙහිවල දක්වා ජලය රැගෙන යන නළයක බත්තරමුල්ල, තලංගම, පයිප්ප පාර ප්‍රදේශයේ සිදු වූ හදිසි පිපිරීයෑමක් හේතුවෙන් පසුගිය 02 වනදා රාත්‍රියේ සිටි කොළඹ ප්‍රදේශ රැසක ජල සැපයුම හදිසියේ අත්හිටවනු ලැබුවා.

එම තත්ත්වය හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහල් ඇතුලු ඒ අවට ඇති රෝහල් කිහිපයකට ද බලපෑම් එල්ල වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

කෙසේවෙතත් එම හදිසි බිඳ වැටීම මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවා.

ඒ අනුව ජල සැපයුම අත්හිටවූ මොරටුව, රාවතාවත්ත, සොයිසාපුර, රත්මලාන, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත, පාමංකඩ, මුල්ලේරියාව සහ කොලොන්නාව යන ප්‍රදේශවලට නැවත ජල සැපයුම යථාවත් කර ඇති බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.