Published
අතුරුගිරිය, හබරකඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයා පොලිස් ආරක්‍ෂාව මධ්‍යයේ තවදුරටත් හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
ඔහු ඊයේ රාත්‍රියේ වෙඩි ප්‍රහාරයකට ලක් ව ඇති බවයි පොලීසිය පැවසුවේ.
එම පුද්ගලයා හෝටල් හිමිකරුවෙකු බවටයි පැවසෙන්නේ.
එමෙන්ම ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ඩුබායි කසුන් නමැත්තාගේ ඥාතියෙකු බවටද පැවසෙනවා.
වෙඩි තබා පලාගිය සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.
ඔවුන් අත්අඩංගුවට ගැනිම සදහා විමර්ශන ක්‍රියාත්මක බවයි අතුරුගිරිය පොලීසිය පැවසුවේ.




