අග්‍රාමාත්‍ය, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂයේ කණ්ඩායම් තීරණය කර තිබෙනවා.

මීට නොබෝ වේලාවකට පෙර නෙත් නිවුස් කල විමසීමකදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ඒ බව තහවුරු කලා.

ඔහු පැවසුවේ අද උදෑසන 09 සිට විශ්වාසභංගයට අදාළව අත්සන් ලබා ගැනීම සිදු කරන බවයි.

ඒ, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදීයි.